Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5








[-]
Ads

කුරුලෑ සදහා දේශීය ප්‍රතිකාර. කුරුලෑ නැති ලස්සන් මුහුණක්
#1
ඔබත් කැමති ඇති කුරුලෑ නැති ලස්සන මුහුණකට. ඔබත් කුරුලෑ නිසා පීඩා විදිනවා ඇති. එසේනම් කුරුලෑ සදහා ප්‍රතිකාර ගැන දැනගැනීමට ඔබත් කැමති ඇති. වෙළදපලේ ඇති විවිධ ක්‍රීම් වර්ග කුරුලෑ සදහා භාවිතා කිරීමෙන් වලකින්න. මෙම දේශීය ප්‍රතිකාර සිදු කරන්න.

• කැරැට් අල තම්බා අඹරා ආලේප කිරීම.

• ‍ෙදාඩම් ලෙල්ල ඇල් ජලයෙන් අඹරා ආලේප කිරීම.

• කොත්තමල්ලි කොළ යුෂ තේ හැඳි 1කට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීම.

• අමු අර්තාපල් අල යුෂ හමේ පිරිසුදු කිරීමට ඉතා සුදුසු දෙයකි. අර්තාපල් අල යුෂ ආලේප කිරීමෙන් සමට අවශ්‍ය පොටෑසියම්, සල්ෆර්, පොස්පරස් හා ක්ලෝරීන් ආදිය ලැබේ.

• සුදු ලූනු අඹරා මුහුණේ ආලේප කිරීමද සුදුසු ප්‍රතිකාරයකි. මේ මඟින් කුරුලෑ කැළැල් නොමැතිව සුව වේ. මෙසේ දින 2කට වරක් සුදු ලූනු ඉස්ම මුහුණේ ආලේප කිරීමෙන් කල්ගත වූ කුරුලෑ පවා සුවවේ. මෙහිදී තරමක දැවිල්ලක් ඇති වන බව සිහි තබා ගත යුතුය.

• දෙළුම් ලෙලි රෝස වතුරින් අඹරා ආලේප කළ විට කුරුලෑ සුව වී හම දීප්තිමත් වේ.

• අමු නෙල්ලි යුෂට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කිරීමෙන් මුහුණේ හම පැහැපත් වේ, සියුමැලි වේ.

• නෙල්ලි ඉස්මට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් කුරුලෑ සුව වී සම පැහැපත් වේ.
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)